Monday 13 August 2012

අතීතයේ කළ වැරදි දැන්වත් නිවැරදි කරමු - දුටුගැමුණු නොව ගාමිණී අභය රජතුමා


අතීතයේ කල වැරදි නිවැරදි කිරීමට කාලයයි මේ...


"දුටුගැමුණු" = දුෂ්ට+ගැමුණු යන්නයි...

හෙළ දිවට සහ බුදු දහමට අසීමිත සේවයක් කළ ශ්‍රේෂ්ඨ නරපතියෙකු "දුෂ්ඨ" යන නමින් ඇමතීමට තරම් අප අකාරුණික සහ ගුණමකු වෙමුද?

නැත... හෙළයන් වන අප එතරම් පහත් තත්වයකට අද නොවැටෙන බව මගේ විශ්වාසයයි...
අප එතරම් කල්පනා නොකොට යමක් අනුගමන කිරීමයි මෙහි සිදුවී තිබෙන්නේ...







එය එකල එළාර රජ සහ ඔහුට පක්ෂපාත පිරිස් විසින් ගාමිණී අභය රජතුමා ගැන "ජන අප්‍රසාදයක්" ඇති කිරිමග පිණිස ප්‍රචාරය කරන ලද්දක්...

අප රජතුමා අයහපත් පුද්ගලයෙක් වශයෙන් ප්‍රචාරය කොට ඔහුට තිබු ජනප්‍රියත්වය සහ ජන පක්ෂපාතිත්වය නැති කිරීමයි එහි අරමුණ වුයේ...


වර්තමානයේ මෙන්ම ජාති ද්‍රෝහීන්, පාවාදෙන්නන් ගෙන් අඩුවක් වුයේ නැහැ... මෙකල මෙන්ම එකලද කටකතා මගින් ජනප්‍රිය මෙන්ම වැදගත් පුද්ගයන්ගේ ප්‍රතිරුප බිඳ දැමීම සිදුවුවා...

කටකතා වල ප්‍රබලත්වය සහ භයානකත්වය සියවස් ගණනාවක් දක්වා "දුටුගැමුණු" ව්‍යවහාරයේ පැවතිමෙන්ම එය තහවුරුවෙනවා...

අප දැන්වත් මෙම වරද නිවැරදි කල යුතුයි...

අප මින් පසු "දුටු" ඉවත් කර "ගැමුණු" හෝ "ගාමිණී අභය" යන මුළු නම පාවිච්චි කල යුතුයි...


මින්මතු සියලු හෙළයන් මේ ශ්‍රේෂ්ඨ නරපතියා "ගැමුණු" හෝ "ගාමිණී අභය" නමින් හඳුන්වත්වා!!!!

ජය ශ්‍රී...!!!!
ඉක්මනින්ම නැවත හමුවෙමු...


ඡයාරුප : දිවයින පුවත්පත, http://karava.org

6 comments:

  1. මේ ලිපිය ලියූ රචකයාගේ අවධානයට ලක් වී නොමැති කරුණු කීපයක් ගැන මතක් කරන්නම්.

    මහාවංසයේ 22 වන පරිච්ඡේදයේ 70,71 ගාථාවල දැක්වෙන පරිදි කාවන්තිස්ස රජතුමා තමන්ගේ වැඩිමහල් පුතුට නම තබන්නේ මාගම් රාජ්‍යයේ තමන්ගේ ප්‍රධානීත්වය හඟවන "ගාමණී" සහ තම පියාගේ නම වූ "අභය" යන දෙකොටස එක් කරමින් "ගාමණී අභය" ලෙසයි.

    ඒ බව සනාථ වන තවත් සාධකයක් වන්නේ කොසවකන්ද ලිපියේ දැක්වෙන පරිදි " මහරජහ ගාගණී අබයහ දෙවනපියස" නමින් හැඳින්වෙන දෙවියන්ට ප්‍රිය වූ ගාමණී අභය මහරජු" දුටුගැමුණු රජු බවයි නිගමනය කෙරෙන්නේ.

    මේ නිසා නිවැරදිව යෙදුම මම විශ්වාස කරන විදිහට ගාමිණී අභය නොව "ගාමණී අභය" යි.

    ඒ හැරෙන්නට ලේඛකයා දක්වන

    "එය එකල එළාර රජ සහ ඔහුට පක්ෂපාත පිරිස් විසින් ගාමිණී අභය රජතුමා ගැන "ජන අප්‍රසාදයක්" ඇති කිරිමග පිණිස ප්‍රචාරය කරන ලද්දක්.."

    මේ කරුණ ගැන යමක් කිවහොත් මහාවංසය එයට මනා පිළිතුරක් සපයා ඇති බවද දැක්විය යුතුයි.

    මහාවංසයේ 26 වෙනි පරිච්ඡේදයේ 3-7 ගාථා දක්වන පරිදි ගාමණී කුමරු ද්‍රවිඩයන් සමඟ යුධ වදින්නට කීප වරක් පියරජතුමාගෙන් අවසර ඉල්ලා එය නොලැබුණු තැන "පියා පිරිමි වෙසින් සිටී" කියලා ස්ත්‍රී ආභරණ යවා පසුව රජතුමාගේ අණින් රාජපුරුෂයන් කුමරු අල්ලන්න එද්දී කඳු රටට පලා ගිය නිසා "පියාණන් කෙරෙහි දුෂ්ට වූ නිසා දුෂ්ට ගාමණී [දුට්ඨගාමිණී] යනුවෙන් හැඳින්වූ බවයි කියවෙන්නේ...

    එනිසා මෙවැනි කරුණු ගැන මත පළකිරීමේදී ප්‍රාථම්ක මූලාශ්‍ර කියවීමද සිදු කරන්නේ නම් මැනවි.

    ඒ හැරෙන්න මේ යෙදුම ගැන පළවී තීබෙන තවත් මතයක් වෙන්නේ "දුට්ඨ" යන පදයෙන් ජ්‍යෙෂ්ඨ යන අරුත දනවනවා විය හැකි බවයි...

    ReplyDelete
    Replies

    1. හසිත දරුවා... ඔබගේ අදහස් දැක්වීමට බොහොම පින්..
      මගේ ලිපියේ අඩුපාඩු බොහොමයක් තිබෙන බන මම පිළිගන්නවා...
      මගේ ලේඛන හැකියාවත් එතරම් යහපත් නැහැ... ඒ මම සෙන්පතියෙක් මිස රචකයෙක් නොවන නිසා...

      ඔබ නිබන්ධන(උසස් අධ්‍යාපන ආයතන වල) රචනා කිරීමේදී ක්‍රම අනුව සිතීමට පුරුදු වී ඇති බව මට හැඟෙනවා ඔබගේ පිළිතුර දකිනවිට...
      යම්කිසිවකු හෝ යම් ලේඛනයක උපුටා ගැනීමක් (reference) එලෙසින්ම දැක්වීම හෝ එය නිවැරදි යි උපකල්පනය කර එයට වෙනත් අර්ථකතනයක් දැක්වීමට ඔබ තදින්ම ඇබ්බැහිවී සිටින බවත් මට පෙනී යනවා ඔබගේ පහත දැක්වෙන අදහස් දැක්වීම් වලින්....

      1. "මහාවංසයේ 26 වෙනි පරිච්ඡේදයේ 3-7 ගාථා දක්වන පරිදි ගාමණී කුමරු ද්‍රවිඩයන් සමඟ යුධ වදින්නට කීප වරක් පියරජතුමාගෙන් අවසර ඉල්ලා එය නොලැබුණු තැන "පියා පිරිමි වෙසින් සිටී" කියලා ස්ත්‍රී ආභරණ යවා පසුව රජතුමාගේ අණින් රාජපුරුෂයන් කුමරු අල්ලන්න එද්දී කඳු රටට පලා ගිය නිසා "පියාණන් කෙරෙහි දුෂ්ට වූ නිසා දුෂ්ට ගාමණී [දුට්ඨගාමිණී] යනුවෙන් හැඳින්වූ බවයි කියවෙන්නේ... "
      2. "ඒ හැරෙන්න මේ යෙදුම ගැන පළවී තීබෙන තවත් මතයක් වෙන්නේ "දුට්ඨ" යන පදයෙන් ජ්‍යෙෂ්ඨ යන අරුත දනවනවා විය හැකි බවයි... "
      මම අදහස් කළේ මෙය අප නොදැනුවත්වම කරන වැරද්දක් බවත්, එය නොගැලපෙන බවත්... කියවන්නාට ඒ ගැන යමක් සිතීමට පුරුදු කිරීමත්..

      උසස් අධ්‍යාපන ආයතනයක ඇගයීම් සඳහා භාවිත කල සිතීමේ ක්‍රම ජිවිතයට පුරුදු කරගැනීම එතරම් යහපත් දෙයක් නොවෙයි දරුවා...
      ඔබ වැනි ඉතිහාසය ගැන උනන්දුවක් ඇති, හැකියාවක් ඇති දක්ෂ තරුණයන්, මෙයට වඩා සම්ප්‍රදායික සිතුවිලි මාර්ගවලින් බැහැර විය යුතුයි...

      මා පැවසු දෙය ගැන ඔබ මා සමග උරණ නොවී ධනාත්මකව ඒ පිළිබඳව සිතනු ඇති බව මම විශ්වාස කරනවා...
      ජය ශ්‍රී....!!!!

      Delete
    2. ඔබ සෙන්පතියෙක් වූයේ කෙසේදැයි මම දන්නේ නැහැ. මම විශ්වාස කරන විදිහට නම් ඔබ වේළුසුමන සෙන්පතියාගේ නමින් පෙනී සිටින සාමාන්‍ය අයෙක් පමණයි.

      "යම්කිසිවකු හෝ යම් ලේඛනයක උපුටා ගැනීමක් (reference) එලෙසින්ම දැක්වීම හෝ එය නිවැරදි යි උපකල්පනය කර එයට වෙනත් අර්ථකතනයක් දැක්වීමට ඔබ තදින්ම ඇබ්බැහිවී සිටින බවත්"

      "එය එකල එළාර රජ සහ ඔහුට පක්ෂපාත පිරිස් විසින් ගාමිණී අභය රජතුමා ගැන "ජන අප්‍රසාදයක්" ඇති කිරිමග පිණිස ප්‍රචාරය කරන ලද්දක්..."

      ඔබ මෙය නිගමනය කරන්නේ කුමන සාධකය මතද කියන එකත් දැනගන්න කැමතියි

      නිගමනවලට එළඹීමේදී වඩාත් වාස්තවික නිගමනවලට එළඹිය හැක්කේ සාධක භාවිතා කිරීමෙන්. ඒ නැත්නම් සිදුවන්නේ ඒවා හිතලු බවට පත්වීමයි.

      පියාණන්ට ද්‍රෝහී වූ නිසා දුට්ඨ ගාමණී නම භාවිතා වූවත් එතුමා කළ අනූපමේය මෙහෙය ඒ නම් භාවිතා කළ නිසා අල්ප මාත්‍රයකින් අඩුවෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ.

      අතීතයේ පටන් මහජනතාව මෙන්න ලේඛකයනුත් රජවරුන්ගේ නම් සඳහා විවිධ කොටස් එකතු කරපු බව පේනවා. කාවන්තිස්ස, කැලණිතිස්ස, වංකනාසික තිස්ස, චෝරනාග, අඹ හෙරණ සලමෙවන් මේවාට උදාහරණ විදිහට ගන්න පුලුවන්. ඒක නිසා මේ ගැන අනවශ්‍ය ආකාරයෙන් සිතන්නට යෑම කළ යුතුද යන්න සිතා බලන්න.

      Delete
    3. හසිත දරුවා... මම සෙන්පතියෙක් වූ ආකාරය ඔබට දන ගැනීමට සැලැස්වීමෙන් පලක් නොවන බැවි මගේ හැඟීම...

      ඔබ මා සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස සිතුවත්, කෙසේ සිතුවක් එය මට වැදගත් කමක් නැහැ...

      සැමවිටම සාධක නොමැති සියල්ල හිතළුවක් වත්, සාධක ඇති සියල්ල සත්‍ය වත් වන්නේ නැහැ...

      මම පල කලේ "දුටුගැමුණු" නම පිළිබඳව මගේ නිරීක්ෂණ මත එළඹුණු මතයයි...

      එමෙන්ම ඔබ ලිපි සහ තර්ක ගොඩනගන රටාව ගැන නිරික්ෂනයෙන් මම පැවසුවේ ඔබ උසස් අධ්‍යාපන ආයතන වල (විශේෂයෙන් විශ්වවිද්‍යාල වල) පුරුදු කරන ලේඛන/සිතීමේ රටාවකට හුරුව ඇති බව...

      එය මගේ හිතළුවක් නොව ඔබේ ලේඛන පරිශීලනයෙන් ඕනෑම අයෙකුට නිරීක්ෂණය කල හැක්කක්...

      "අතීතයේ පටන් මහජනතාව මෙන්න ලේඛකයනුත් රජවරුන්ගේ නම් සඳහා විවිධ කොටස් එකතු කරපු බව පේනවා. කාවන්තිස්ස, කැලණිතිස්ස, වංකනාසික තිස්ස, චෝරනාග, අඹ හෙරණ සලමෙවන් මේවාට උදාහරණ විදිහට ගන්න පුලුවන්. ඒක නිසා මේ ගැන අනවශ්‍ය ආකාරයෙන් සිතන්නට යෑම කළ යුතුද යන්න සිතා බලන්න."

      යම් දෙයක් ගැන සිතීම, අදහසක් ප්‍රකාශ කිරීම පිලිබඳ "අවශ්‍ය හෝ අනවශ්‍ය ආකාරයක්" ඔබ අර්ථ දක්වන්නේ කෙසේද? ඔබට අනවශ්‍ය යයි සිතෙන හැමදෙයක්ම එසේ නොවීමට ඕනෑතරම් ඉඩ තිබෙනවා...

      ඔබ අවශ්‍ය යයි සිතන දෙයක් තවකෙකුට අනවශ්‍ය වීමට පිළිවන්...
      අනෙක් අතට යමක් පිලිබඳ අදහසක් දැක්වීම අනවශ්‍ය හෝ වැරදි දෙයක් ලෙස මා නම් දකින්නේ නැහැ... මේ පිළිබඳව ඔබේ අදහස් දැක්වීම පවා...

      Delete
    4. "එමෙන්ම ඔබ ලිපි සහ තර්ක ගොඩනගන රටාව ගැන නිරික්ෂනයෙන් මම පැවසුවේ ඔබ උසස් අධ්‍යාපන ආයතන වල (විශේෂයෙන් විශ්වවිද්‍යාල වල) පුරුදු කරන ලේඛන/සිතීමේ රටාවකට හුරුව ඇති බව...

      එය මගේ හිතළුවක් නොව ඔබේ ලේඛන පරිශීලනයෙන් ඕනෑම අයෙකුට නිරීක්ෂණය කල හැක්කක්..."

      මම මෙහිදී හිතළුව යනුවෙන් දක්වා ඇත්තේ මෙන්න මෙයයි

      …""එය එකල එළාර රජ සහ ඔහුට පක්ෂපාත පිරිස් විසින් ගාමිණී අභය රජතුමා ගැන "ජන අප්‍රසාදයක්" ඇති කිරිමග පිණිස ප්‍රචාරය කරන ලද්දක්..."

      …කෙසේ නමුත් ඔබ දක්වන කරුණු පරිච්ඡේද 37 ක් ඇති මහාවංසයේ මුල් කොටසේ පරිච්ඡේද 11 ආසන්න ගණනකින් දුටුගැමුණු රාජ සමය වර්ණනා කරන මහානාම හිමියන්ට පවා නොවැටහීම තමා අරුමය :)

      Delete
  2. හසිතයා මහානාමත් බුද්ධ ඝෝෂ හිමියනුත් කියූ දේ ඔප මට්ටම් කොරගෙන යන පොත් ගුල්ලෙකුයි. අපේ හෙළ ඉතිහාසය විකෘති කොරමින් වැළලෙනා තුරාවට ඉපදි ඉපදී විනාස කොරනා අද කාලයේ මහානමත් බුද්ධ ඝෝෂත් මොහුයි

    ReplyDelete