Wednesday 31 October 2012

මංජුල පීරිස්ගේ අනාවැකිය නිවැරදි වෙයි...


කලින් ලිපියේ සඳහන් කල මංජුල පීරිස් මහත්මයාගේ අනාවැකිය නිවැරදි වූ බව අපට කියන්න පුළුවන් 

එතුමා ලංකාවට නැවතත් සුනාමි අවදානමක් පවතින බව එම ලිපියේම කියලා තිබුනා... 

ලංකාව ආසන්නයේ නිර්මාණය වන භූ තැටියේ පැල්ම නිසා  දැන් භූ කම්පන අවදානම් කලාපයක සිටින බවත් කියවුනා මෑත ප්‍රවෘත්ති කීපයකම..
සුනාමි අනාවැකියත් හරි යයිද? 

Monday 29 October 2012

මංජුල පීරිස් ගේ අනාවැකිය නිවැරදිද? නිව්යෝර්ක් නගරය නැවතත් ජලයෙන් යටවෙයිද?

මට යාන්තමට මතක තිබුනා මංජුල පීරිස් මහත්මයා,  මෙහෙම කතාවක් කියල තිබුනා කියලා... : "2012 - 2013 අතර ඇමරිකාවේ නිව්යෝර්ක් අග නගරය ජලයෙන් යටවන අවදානමක් පවතිනවා. "

ගූගල් එකේ හෙව්වාම සිළුමිණ 2010 පත්තරේක එහෙම කතාවක් කියලා තියනවා කියල දැක්කා...

නැවත සුනාමිඅවදානමක් තිබෙනවා - හෙට දවස ගැන අනාවැකි කියන ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී - මංජුල පීරිස් (http://www.silumina.lk/2010/04/11/_art.asp?fn=av10041117)

මේ ලිපියේ එතුමා මෙන්න මෙහෙම කියල තිබුනා : "2012 - 2013 අතර ඇමරිකාවේ නිව්යෝර්ක් අග නගරය ජලයෙන් යටවන අවදානමක් පවතිනවා. "

ප්‍රවීන ජෝතිර්වේදී මංජුල පීරිස් මහත්මයාගේ අනාවැකිය සාර්ථක වෙන්නවත්ද යන්නේ මේ?

බලමු මොකද වෙන්නේ කියලා...

Monday 24 September 2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය කුමන්ත්‍රණයක්ද?

මට මේ නිකමට හිතුනේ... මේ ආචාර්ය වරුන්ගේ උද්ඝෝෂණ වල facebook පිටුවේ ෆොටෝ බලනකොට...

මේ පිළිබඳව ලියු කලින් ලිපිය බලන්න 

1.මේ අය විශේෂ ටී ෂර්ට් වර්ග කීපයක් මහල තියනවා, මේ ටී ෂර්ට් විශාල ප්‍රමාණයක් මහල තියනව 

2. හැම රැස්වීමකටම ලොකු වේදිකාවක් ඉදි කරනවා

3. හැම රැස්වීමකටම හොඳ sound system එකක් ගෙනෙනවා
4. හැම රැස්වීමකටම විශාල ප්‍රමාණයක් පුටු කුලියට ගෙනෙනවා
5. දින ගණන් ගතවෙන පාගමන් සංවිධානය කරනවා

6.ඉතාමත් ඉහල තත්වයේ(වෘත්තිමය graphic designers විසින් සිදුකල) පොස්ටේර්, දැන්වීම්, කට් අවුට්, බැනර් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරනවා

7.ඉතාමත් විශාල වශයෙන් Digital Printing භාවිතයෙන් කට් අවුට්, බැනර් විශාල පාවිච්චි කරනවා

8.ඉතා විශාල වශයෙන් අත් පත්‍රිකා මුද්‍රණය කරනවා

9.රැලි වලට සහභාගී වීමට ආචාර්ය වරුන්ට ප්‍රවාහන පහසුකම් සපයනවා (බස් රථ එකක් හෝ දෙකක් සෑම විශ්වවිද්යලයකම සිට)

10.හොඳ මට්ටමෙන් නිර්මාණය කළ වෙබ් අඩවියක් (http://futa-sl.org/) පවත්වාගෙන යනවා, එය හොඳින් යාවත්කාලින කරනවා

අංක 1-10 දක්වා සියල්ල සැලකිය යුතු මුදලක් වැයවන දේවල්, මේ සියල්ල සඳහා ආචාර්ය වරුන්ගෙන් මුදල් එකතු කරගෙන සිදුකිරීම අපහසුයි...

මීට අමතරව
11. සෑම රැලියක්ම වීඩියෝ ගතකර අන්තර්ජාලයට එක කරනවා
12. සෑම රැලියක්ම හොඳ මට්ටමේ ජයාරූප ගත කොට නිතිපතා අන්තර්ජාලයට එක කරනවා

එමෙන්ම 1-12 දක්වා සියලුම කරුණු වලට සැලකිය යුතු සංවිධාන ශක්තියක් අවශ්‍ය වෙනවා...

1. මේ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන්නේ කව්ද?

2. මේ පිටුපස කවුරුන් හෝ සිට මුදල් ආධාර, සංවිධාන කටයුතු මෙහෙයවනවද?

3. ඉතා කෙටි කාලයක් තුල ආචාර්යවරුන් විසින්ම මේ සියල්ල ගොඩනගා ගත්තේයැයි සිතීම ඉතාමත් අපහසුයි...

මේ සඳහා සහභාගී වන ආචාර්ය වරු බොහෝවිට සිදු කරන්නේ, සහභාගිත්වය පමණයි, බොහෝදෙනෙක් දන්නේ නෑ කව්ද සංවිධානය කරන්නේ කියලා

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ (http://en.wikipedia.org/wiki/Nirmal_Ranjith_Dewasiri) පෙර ක්‍රියාකලාපය  විමසා බැලුවාම මේ සැකය තවත් වර්ධනය වෙනවා.

ඔහු මීට පෙර NGO සමග රටට අහිතකර නොයෙකුත් ව්‍යාපෘති සිදුකර තිබෙනවා (X-කණ්ඩායම ඉන් එක උදාහරණයක් - http://www.dailynews.lk/2005/02/25/fea06.html),  එමෙන්ම ඔහු බොහෝකාලයක් තිස්සේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් (http://www.lankanewspapers.com/news/2007/7/17384_space.html) පෙනී සිටින්නෙක්... මේ අනුව බැලුවාම ඔහු කුමන්ත්‍රණයකට සහය දැක්වීමට සහ, කුමන්ත්‍රණ කරුවන්ට  ඔහුට ළඟාවීමට ඉතාම පහසුයි...


විශ්වවිද්‍යාල ආචාර්ය වරුත් නොමග යවාගෙන කරන තවත් කුමන්ත්‍රණයක්ද මේ?

රූ සටහන් මුලාශ්‍ර : http://www.srilankabrief.org/2012_08_01_archive.html, http://www.srilankabrief.org/2012/08/save-state-education.html, http://uteachers.blogspot.com.au/2012/04/futa-over-1000-academics-join-hand-to.html

Friday 21 September 2012

ලංකාවේ ජංගම දුරකථන සේවාවල වැඩි අයිතිය මුස්ලිම් ව්‍යාපාරිකයන්ටයි


ලංකාවේ ජංගම දුරකථන සේවාවල වැඩි ප්‍රමාණයක් හිමිකාරිත්වය දරන්නේ මුස්ලිම් ව්‍යාපාරික සමාගම් යන බව ඔබ දැන සිටියාද?
  1. Dialog වල 85% කොටස් තියෙන්නේ Axiata Group Berhad (http://en.wikipedia.org/wiki/Axiata) සමාගමටමේක මැලේසියන් සමාගමක්…
මැලේසියාවේ 61%ක් ඉන්නේ මුස්ලිම්, මැලේසියාවේ රාජ්‍ය ආගම ඉස්ලාම් (http://en.wikipedia.org/wiki/Malaysia#Religion)
අපේ රටෙන් හම්බකරන ලාභය ලබන්නේ මැලේසියාවේ ඉන්න මුස්ලිම් උන්…
Suntel එකත් Dialog එකෙන් සල්ලි දීල ගත්ත, ඒ කියන්නේ දැන් Suntel එකත් අයිති මුස්ලිම් උන්ට

    2.  Etisalat ගැන කියන්න දෙයක් නෑ නේ, ඒක අයිති 
         එක්සත් අරාබි     එමීර් රාජ්‍යයේ සමාගමකට    
               (http://en.wikipedia.org/wiki/Etisalat )

    3. Hutch අයිති හොංකොන් සමාගමකට 
        (http://en.wikipedia.org/wiki/Hutchison_Whampoa)
  
    4. Airtel අයිති ඉන්දියන් සමාගමකට (http://en.wikipedia.org/wiki/Bharti_Airtel )

    5. Mobitel විතරයි තවම ලංකාවේ සමාගමකට අයිති එකකට තියෙන්නේ…
        මොබිටෙල් සමාගමේ පුර්ණ අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට (SLT).
       නමුත් ටෙලිකොම් සමාගමේත් 45% කොටස් අයිති විදේශ සමාගමකට

මේ ටික ගැන හොයල බලුවමනේ මට තේරුනේ ලංකාවේ ජංගම දුරකථන සේවා අයිති විදේශ ව්‍යාපාර වලට

එයිනුත් වැඩි ප්‍රමාණයක හිමිකාරිත්වය තියෙන්නේ මුස්ලිම් ව්‍යාපාර වලටනේ… මුන් ටික ලංකාවේ සල්ලි ඇදල ගන්නවා අපිටත් නොදැනීම…

අපිට නොදැනීම, ලංකාවේ මුදල් විශාල ප්‍රමාණයක් විදේශ රටවලට සහ මුස්ලිම් ව්‍යාපාරිකයන් අතට පත්වෙනවා...

මෙය අපිට හැකි අයුරින් අඩුකළ යුතුයි...


රජය මේ පිළිබඳව ප්‍රතිපත්ති සකස් කරයි කියා බලාපොරොත්තු වෙන්න බෑ...
ප්‍රතිපත්ති සකස් කලත් ඒවා ක්‍රියාත්මක කිරීමට විශාල කාලයක් ගතවේවි...

මේ සඳහා අපට කල හැක්කේ මොනවද? 

දැනට අපට කල හැකි එකම දෙය, පිටරටවලට අඩුවෙන්ම මුදල් යන, සහ අඩුම මුස්ලිම් හිමිකරුවන් සිටින සමාගම (SLT වල කොටස් හිමිකරුවන් සිටිනවා මුස්ලිම් ජාතිකයන්) අපේ ජංගම දුරකථන අවශ්‍යතා සඳහා යොදාගැනීම...

එනම් දැනට කරන්න තියෙන්නේ පුළුවන් තරම් Mobitel පාවිච්චි කරන ඒක විතරයි…
ඔබ දන්නා අනිත් අයත් මේ පිළිබඳව දැනුවත් කරන්න...

ජය ශ්‍රී!!!!

රූ සටහන් මුලාශ්‍ර:
http://rajib999.blogspot.com.au/2010/08/cell-phones-and-health.html , http://terriermandotcom.blogspot.com.au/2012/02/are-you-throwing-money-down-drain.html 

Monday 10 September 2012

පෞද්ගලික අරමුණු ගැන නොපවසා රටට/ආණ්ඩුවට බැනීම...

මේ දිනවල මාධ්‍ය ඔස්සේ වැඩිපුර කතා බහවෙන දෙයක් තමයි විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ වර්ජනය සහ ඊට විසඳුම් ලබාදීම.
brain-drain2.jpg
මෙහිදී කියවෙන ප්‍රධානම දෙයක් තමයි ලංකාවේ සිටින ආචාර්ය වරුන්ට පිටරටක යාමට හැකියාව තිබියදී අප රටේම සේවය කරන්නේ රටට තිබෙන ආදරය  නිසා බව...
එමෙන්ම තවත් කියවෙන දෙයක් තමයි අපේ රටෙන් හරියට නොසැලකීම නිසා ඉතා දක්ෂ ආචාර්ය මණ්ඩලයේ  විශාල  පිරිසක් රට හැරගොස් ඇති බව... 

නමුත් මොවුන් දක්වන මෙම කරුණු දෙකම මම පිළිගන්නේ නෑ... 

තමන්ට සිදුවුණු අසාධාරනකම් නිසා රට හැරගොස් සිටිනවානම් එසේ සිටින්නේ ඉතාම සුළු පිරිසක්... එමෙන්ම ලංකාවේ විශ්වවිද්‍යාලවල සේවය කරන ආචාර්යමන්ඩලයේ සියලු දෙනාම එසේ සේවය කරන්නේ රටට තිබෙන ආදරයක් හෝ සේවයක් කිරීමට ඇති අවශ්‍ය තාවය නිසා නෙවෙයි...
යමෙකු තමන්ගේ රට ගැන හිතා රට හැර නොයන්නේ නම් එවන් පුද්ගලයන්ට හැකි උපරිම අයුරින් සැලකිය යුතුයි තමයි.. නමුත් මම දන්නා සත්‍යය නම් එය එසේ නොවන බවයි... 

මම පෞද්ගලිකවම හදුනන රට හැර ගිය/නොගිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගැන දන්නා කරුණු වලිනුයි මම මේ නිගමනයට පැමිණියේ සහ මම මේ දේ පවසන්නේ... 

පළමුවෙන්ම බලමු,  මෙම පිරිසට පහසුවෙන්ම විදේශ විශ්ව විද්‍යාලවල රැකියා ලබාගත හැකියි කියන ප්‍රකාශය ගැන... 
පිට රට විශ්වවිද්‍යාලවල හොඳ රැකියාවක් ලබාගන්න අන්තර්ජාතික සඟරාවල පර්යේෂණ පත්‍රිකා පලකරලා තියෙන්න ඕනේ අපේ රටේ ඉඳගෙන එහෙම සඟරාවල පත්‍රිකා පලකරන්න අමාරුයි, සමහර සඟරා අපේ රටේ පත්‍රිකා පලකරන්න කැමතිවත් නෑ... ඒක ගැන දැනගන්න බටහිර දැනුම් අධිපත්‍යය ගැන අධ්‍යයනය කරන්න ඕනේ... ඒ ගැන මෙහෙම කතා කරලා ඉවර කරන්න බෑ..අපේ ආචාර්ය මණ්ඩලයේ කීදෙනෙකුටද එහෙම පත්‍රිකා තියෙන්නේ... 

අනිත් ඒක පන්ති සාමාර්ථයක් ගත්ත කියල එයා අති දක්ෂයෙක් වෙන්නේ නෑ...  දක්ෂයෙක් වෙන්න පුළුවන්, නමුත් ඒගොල්ලන්ට විශේෂයෙන් සලකන්න කියල ඉල්ලන ඒක වැරදියි..

ඊළඟට බලමු රට හැර ගියේ තමාට රටෙන් හරි හැටි සැලකීමක් නොවුන නිසා කියන කාරණය... අනිත් එක ඔය රට දාල යන වැඩි දෙනෙක් යන්නේ තමන්ගේ පෞද්ගලික වාසිය අරමුණු කරගෙන... එහෙම ගිහිල්ල කියනවා අපේ රටේ හරි සැලකීමක් නැති නිසා තමයි එහෙම ආවේ කියල...
හරියට කල්පනා කරලා බැලුවොත් අපේ රටේ උගත්/නුගත් අයගෙන් කීයෙන් කීදෙනාටද රට ගැන හැඟීමක් තියෙන්නේ? 

තමන්ට රට ගැන හැඟීමක් නැතිව අනිත් අයට, දේශපාලකයන්ට බනිනවා රට ගැන හැඟීමක් නෑ, දක්ෂයන්ට හරියට සලකන්නේ නෑ කියල...අපේ රටේ ප්‍රශ්නවලට තියන ප්‍රධානම හේතුවක් තමයි රට ගැන හැඟීමක් නැතිවීම... ඒක රටේ බහුතරයක් ඇති කරගත්ත දවසට මේ ප්‍රශ්න ඉබේටම විසඳෙනවා 
මුලින්ම තමන්ගේ හදවතින් අහල බලන්න, තමන්ට රට ගැන හැඟීමක් තියනවද කියල...? මේ ප්‍රශ්නවලට විසඳුම ආරම්භ කරන්න ඕනේ තමන්ගේන්මයි...
තමන්ගේ දරුවන්ට උගන්වන්න තමන්ගේ රටේ තියන වටිනාකම... උපන් රට හැරෙන්න වෙන කිසිම රටක තමන්ට නිදහසක් නෑ... ඒක හොඳට තේරුම් ගන්න ඕනේ දෙයක් හැමතැනින්ම සාධාරණත්වයක් වෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ... .. ගොඩක් වෙලාවට මේ අසාධාරනකම් වලට වගකියන්න ඕනේ තනි පුද්ගලයෙක් හරි, කණ්ඩායමක් හරි...ඒගොල්ලෝ හැමවෙලේම  තමන්ගේ පුද්ගලික හේතුවක් නිසා එහෙම කරන්නේ...  තමන්ට මොකක් හරි අසාධාරණයක් වුනාම ඒකට රටට බැනල වැඩක් නෑ... ගොඩ දෙනෙක් කරන්නේ රට දාල යන්න ඒක හේතුවක් කරගන්න ඒක එහෙම ගිහිල්ල කියනවා තමන්ගේ රටෙන් හරියට සැලකුවේ නැති නිසා තමයි එහෙම ආවේ කියල...

මෙම කරුණු දෙක කෙසේ වෙතත් මම පිලිගන්නවා වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව, 
නමුත් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන හේතු ආකර්ශනීය සටන් පාඨ බව සැබැයි, කෙසේවෙතත් ඒවා තමන්ගේ හදවතට එකඟව කියන්න පුළුවන් දේවල් නෙවෙයි මේ වර්ජනය සඳහා ඉදිරිපත් වෙලා ඉන්න වැඩි දෙනෙකුට... 

රජයට විශාල වගකීමක් සහ හැකියාවක් තියනවා මිනිස්සුන්ට රට ගැන හිතන්න පුරුදු කරවන්න... නමුත් මේ තාක් කල් එහෙම උත්සහයක්වත් දරපු බවක් පෙන්න නෑ... 
ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳට දෙන්න උත්සහ කරනවා මිසක් රට ගැන හිතන්න පුරුදු කරන්න කිසිම උත්සහයක් ගන්නේ නෑ...අවුරුදු 5-10 විතර මිනිස්සුන්ට රට ගැන හිතන්න පුරුදු කරනකොට හැම දෙයක්ම කාර්යක්ෂම වෙන්න පටන් ගන්නවා, 

රජයටත් මේ පිළිබඳව හරි දැක්මක් හෝ අවබෝධයක් නොමැති බවයි පෙනෙන්නට තියෙන්නේ. රජයත් උත්සහ කරන්නේ මේ ප්‍රශ්නයට පැලැස්තර විසඳුමක් ලබා දී තාවකාලිකව මෙය විසඳා තමන්ගේ ඔලුව බේරා ගැනීමට 

මේ පිළිබඳව රජය කටයුතු කරන්නේ කෙසේද යන්න සහ රජය මේ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග ගැන බලා සිටිමු...

රු සටහන් මුලාශ්‍ර : http://cct205-w09.wikispaces.com/Niya+Kabir , http://www.grayshottschool.com/university-and-college-reviews/are-you-suffering-from-brain-drain

Sunday 9 September 2012

පියදාස සිරිසේනගේ කවි


මගේ මිත්‍රයෙකු වන පියදාස සිරිසේන lankacnews.com  වෙබ් අඩවියේ හොඳ පාඨකයෙක්.
ඔහු එහි පලවන විවිධ ප්‍රවෘත්ති වලට කොමෙන්ටු වශයෙන් කුඩා කවි ඇතැම් විට ලියා තිබෙනවා.
ඒ කවි දුටු මම ඔහුට යෝජනා කළා බ්ලොග් අඩවියක් ආරම්භ කර එම කවි එහි පලකරන ලෙස.
නමුත් ඔහු බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට කැමති නැති බව පවසා අවැසිනම්
එම කවි මගේ බ්ලොග් අඩවියේ පලකිරීමට දීමට හැකි බව පැවසුවා.
මෙම ලිපියේ පලවන්නේ එසේ පියදාස සිරිසේනයන් ලබාදුන් කවි කීපයක් සහ ඊට අදාල ප්‍රවෘතියට සබැඳියන්

අනාගතයේදීත් මෙවැනි කවි එකතුවක් ලැබුණු විට වෙනම ලිපියක් ලෙස පළකිරීමට අදහස් කරනවා.

රසවිඳින්න පියදාස සිරිසේනයන් විසින් කාලින ප්‍රවෘත්ති සඳහා පබැඳි කවි...
_______________________________________________________________


නවනන්දනී පිල්ලේ,
තී කොහිද බැල්ලේ?
හැන්ගිලද මුල්ලේ ?
එහෙම නැත්තම් නිදිද වැල්ලේ?


නන්දනී නැන්දේ
ඔයාගේ හැන්දේ
තරම ගැන දැනුන දේ
අසුචි වගේ හරියටම හමන දුගන්දේ

මහින්ද මාමා පැණියා
පැණියා වගේම පරයා
මවිල් ආරු ඇරියා - පිරබාහරන්ට  ඇරියා
ඔයත් කජ්ජක්ද පොර දකුණේ #රියා

_______________________________________________________________

සිනාව නම් සිරියාවයි!  රජාණෝ
කිරියාව නම් භයානකයි! රජාණෝ
ඇමති ටිකත් පිස්සු කෙළියි! රජාණෝ
බලාගෙනයි! පරිස්සමින් අප මහ රජාණෝ
_______________________________________________________________



මනෝ ගනේෂන්
දීපන් මේ දේට කන්
ඉන්නට බැරිම නම් වී සන්සුන්
යවනවා නුඹත් ගිය අත පොලිස්පති නඩේසන්
_______________________________________________________________
අතහැර පැමිණි විට යු.ඇන්.පී නඩය කරන හරි ජරමර
සතුටු වුණා අප අසා නුඹ කරන දෙසුම් හරි රසබර
දෙසුම් වුණා රසබර  මෙන්ම දෑ හිතැති සොඳ  අරුත් බර
හේමකුමාර අප දැන සිටියා බැව් නුඹ නොවෙන, දෙස නසන කළු කුමර
_______________________________________________________________
ගඩාෆි පුත‍්‍රයා එල්ලා මරන්න යයි ?
අහෝ ගඩාපි
ඇමරිකන් පිම්පි
තෙල් ටිකත් බිපි
රටම නූඹේ කාපි
_______________________________________________________________

 රුසටහන්/සෙයාරූ : http://lankacnews.com/sinhala/, http://www.sundayobserver.lk/2010/02/14/spe20.asp

Wednesday 15 August 2012

එළාර ආක්‍රමණයට වඩා දරුණු ආසනික් ආක්‍රමණය

රජරට වකුගඩු රෝගය ඔබ අප සියල්ලම හොඳින් දන්නා මාතෘකාවක්...

නවතම වාර්තා අනුව රජරට ජනතාවගෙන් 95%, ආසනික් ඇතුළු බැර ලෝහවලට නිරාවරණය වෙලා..
බොහෝ දෙනෙකුට මෙහා නොතේරුණත් මෙය ඉතාමත්ම භයානක තත්වයක්...

හෙළදිවට බත සපයන ප්‍රදේශ අතරින් රජරට ප්‍රදේශය ගාමිණී අභය රජ සමය මෙන්ම මෙන්ම අදත් ප්‍රමුඛ වෙනවා.
දැනට වාර්තා වන අන්දමට මෙම රෝගය නිසා 20000ක් පමණ මියගොසින්. වසරකට නව රෝගීන් 2000ක් පමණ වාර්තා වෙනවා

මෙය මට හැඟෙන විදියට එළාර ආක්‍රමණයටත් වඩා, පිරබාහරන් ගේ ත්‍රස්තවාදයටත්  වඩා දරුණු සහ භයානක තත්වයක්...

නමුත් තවමත් කිසිම විධිමත් අවධානයක් කිසිදු පාර්ශවයක මේ වෙනුවෙන් යොමුවී නැහැ..
බොහෝදෙනෙක් මෙහිදී රජයට දොස් නැගීමට පටන් ගනීවි... නමුත් රජයේ වගකිවයුතු ස්‌ථානවලට මෙහි බරපතල කම වාර්තා නොකොට සඟවාගෙන සිටින බවක්
එක් පරීක්ෂණ කණ්ඩායමක් හෙළිකළා.. ඒ සම්බන්ධ පුවතක් මෙහි දැක්වෙනවා...

මේ සම්බන්ධව රජයේ වගකීමක් තිබෙනවා... නමුත් මෙහිදී මම ප්‍රධාන වශයෙන්ම වගකීම පවරන්නේ රජයේ සේවයේ නියුතු නිලධාරීන්ටයි. රට ගැන නොසිතා තමන්ගේ බද වදාගැනීම සඳහා අතීතයේදී මෙන්ම මෙකලද කටයුතු කරන කණ්ඩායමක් සිටිනවා..

අප ඔවුන්ව පරදවා ජය ගන්නවා... වසර 45ක එළාර ආක්‍රමණය පැරදවීම, වසර 30ක බටහිර රටවල් වලින් පෝෂණය වූ පිරබාහරන් පැරදවීම උදාහරණ වශයෙන් දෙන්න පුළුවන්.

නමුත් අතීතයේ මෙන්ම වර්තමානයේදී ද  අප විශාල විනාශයකට පසුයි එවැනි ආක්‍රමණ පරදවන්නේ... එම නිසා මෙම ආසනික් ආක්‍රමණය (මෙයත් තවක් එක් දේශීය ආක්‍රමණයකි ) පැරදවීමට අදිටන් කර ගමු...

File:Electron shell 033 Arsenic.svgජනතාවටත් මේ සම්බන්ධව විශාල වගකීමක් තිබෙනවා... හැකි තරම් ගෙවතු වගාවට යොමුවන්න... පලිබෝධනාශක රසායන ද්‍රව්‍ය භාවිතයෙන් සම්පූර්ණයෙන් ඈත වන්න... ස්වභාවික ක්‍රම මගින් පලිබෝධ නාශනය කරන්න...

අපට මෙය කිරීමට හැකියි... අතීතයේදී විදේශීය කුමන්ත්‍රණ පැරදවූ... වර්තමානයේදී ද පැරදවූ අපට මේ ඇතිවෙමින් තිබෙන භයානක තත්ත්වයෙනුත් මිදෙන්න පුළුවන්...
එකාවන්ව අපි මෙයින් ජය ගමු...


රට පාවාදෙන්නන් පරාජය වේවා...!!!!
දේශප්‍රේමින්ට දේවාශිර්වාදය හිමිවී ජයග්‍රහණය කිරීමට හැකියාව උදාවේවා...!!!!

ජය ශ්‍රී...!!!!

ආසනික් සහ අදාල ආක්‍රමණ පිළිබඳව පළවූ පුවත්පත් ලිපි කිහිපයක්...
වැඩි දුර විස්තර දැනගැනීමට කැමැත්තෝ කියවත්වා!!!!

1.රසායනික ආසනික් හා වෙනත් ආසනික්
2. අනතුරුදායකයි බත් පතේ ආසනික්‌
3. ජීවිතයට බලපෑ හැකි තර්ජනයක්‌ ගැන ජනතාව පළමුව දැනුවත් කිරීමේ වරදක්‌ නැහැ
4. “රස කර කර වස කමු” – චන්න ජයසුමන
5. ආසනික් ඇත්ත කතාව යට ගැසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය බොරු ගොතයි 

රූ සටහන් මුලාශ්‍ර : http://winnipeganimals.blogspot.com.au/2010/03/arsenic-in-poultry-and-pig-feed.html, http://en.wikipedia.org/wiki/File:Electron_shell_033_Arsenic.svg

Monday 13 August 2012

අතීතයේ කළ වැරදි දැන්වත් නිවැරදි කරමු - දුටුගැමුණු නොව ගාමිණී අභය රජතුමා


අතීතයේ කල වැරදි නිවැරදි කිරීමට කාලයයි මේ...


"දුටුගැමුණු" = දුෂ්ට+ගැමුණු යන්නයි...

හෙළ දිවට සහ බුදු දහමට අසීමිත සේවයක් කළ ශ්‍රේෂ්ඨ නරපතියෙකු "දුෂ්ඨ" යන නමින් ඇමතීමට තරම් අප අකාරුණික සහ ගුණමකු වෙමුද?

නැත... හෙළයන් වන අප එතරම් පහත් තත්වයකට අද නොවැටෙන බව මගේ විශ්වාසයයි...
අප එතරම් කල්පනා නොකොට යමක් අනුගමන කිරීමයි මෙහි සිදුවී තිබෙන්නේ...







එය එකල එළාර රජ සහ ඔහුට පක්ෂපාත පිරිස් විසින් ගාමිණී අභය රජතුමා ගැන "ජන අප්‍රසාදයක්" ඇති කිරිමග පිණිස ප්‍රචාරය කරන ලද්දක්...

අප රජතුමා අයහපත් පුද්ගලයෙක් වශයෙන් ප්‍රචාරය කොට ඔහුට තිබු ජනප්‍රියත්වය සහ ජන පක්ෂපාතිත්වය නැති කිරීමයි එහි අරමුණ වුයේ...


වර්තමානයේ මෙන්ම ජාති ද්‍රෝහීන්, පාවාදෙන්නන් ගෙන් අඩුවක් වුයේ නැහැ... මෙකල මෙන්ම එකලද කටකතා මගින් ජනප්‍රිය මෙන්ම වැදගත් පුද්ගයන්ගේ ප්‍රතිරුප බිඳ දැමීම සිදුවුවා...

කටකතා වල ප්‍රබලත්වය සහ භයානකත්වය සියවස් ගණනාවක් දක්වා "දුටුගැමුණු" ව්‍යවහාරයේ පැවතිමෙන්ම එය තහවුරුවෙනවා...

අප දැන්වත් මෙම වරද නිවැරදි කල යුතුයි...

අප මින් පසු "දුටු" ඉවත් කර "ගැමුණු" හෝ "ගාමිණී අභය" යන මුළු නම පාවිච්චි කල යුතුයි...


මින්මතු සියලු හෙළයන් මේ ශ්‍රේෂ්ඨ නරපතියා "ගැමුණු" හෝ "ගාමිණී අභය" නමින් හඳුන්වත්වා!!!!

ජය ශ්‍රී...!!!!
ඉක්මනින්ම නැවත හමුවෙමු...


ඡයාරුප : දිවයින පුවත්පත, http://karava.org